සිද්ධි
සියලු සිද්ධි
ටවර් හෝල් පුවත්
news-img
ගිණි රක්ෂණාවරණය ලබා ගැනීම සඳහා මිල ගණන් කැඳවීම

ටවර් හෝල් රඟහල පදනමට අයත් ටවර්,එල්ෆින්ස්ටන් හා මිගමුව රුක්මණි දේවි රඟහල් තුන සඳහා ගිණි රක්ෂණාවරණය ලබා ගැනීම සඳහා මිල ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. ඊට අදාළ ලංසු ලියවිලි හා කොන්දේසි ටවර් හෝල් රඟහල පදනමේ වෙබ් අඩවියේ (www.towerhall.lk) පළකර ඇති අතර එම ලංසු ලියවිලි හා කොන්දේසි බාගත කර හෝ ටවර් හෝල් රඟහල පදනම ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගෙන මිල ගණන් ඉදිරිපත් කල හැක.

news-img
ටවර් රඟහලට අවශ්‍ය වේදිකා රංගාලෝක බල්බ ලබාගැනීම සඳහා මිල ගණන් කැඳවීම

ටවර් හෝල් රඟහල පදනමට අයත් මරදානේ පිහිටි ටවර් රඟහලට අවශ්‍ය වේදිකා රංගාලෝක බල්බ මිළදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීමට පාලනාධිකාරීය තීරණය කර ඇත.

news-img
රංග වස්ත්‍ර සකස් කිරිම සඳහා මිළ ගණන් කැඳවිම.

ටවර් හෝල් රඟහල පදනමට අයත් නාට්‍ය හා රංගකලා පාසලේ අධ්‍යයන වර්ෂ 2022/23 කණ්ඩායම විසින් නිර්මාණය කරන “සිහින රැගුම” නාට්‍යයේ රංගවස්‍ත්‍ර නිර්මාණය කිරීම සදහා නිර්මාණශීලි හැකියාවක් ඇති නිර්මාණකරුන්ගෙන් ලංසු කැඳවිමට ටවර් හෝල් රඟහල පදනම පාලනාධිකාරිය තීරණය කර ඇත.

news-img
වේදිකා නාට්‍යයක් සදහා පසුතල නිර්මාණය කිරිම සඳහා මිළ ගණන් කැඳවිම.

ටවර් හෝල් රඟහල පදනමට අයත් නාට්‍ය හා රංගකලා පාසලේ අධ්‍යයන වර්ෂ 2022/23 කණ්ඩායම විසින් නිර්මාණය කරන “සිහින රැගුම” වේදිකා නාට්‍යයේ පසුතල නිර්මාණය කිරීම සදහා නිර්මාණශීලි හැකියාවක් ඇති නිර්මාණකරුන්ගෙන් ලංසු කැඳවිමට ටවර් හෝල් රඟහල පදනම පාලනාධිකාරිය තීරණය කර ඇත.

සියලු පුවත්
පාඨමාලා
සියලු පාඨමාලා