මුල් පිටුව ශ්‍රී ලංකා රාජ්‍ය අන්තර්ජාල පිවිසුම English පිටු පෙල ගැස්ම
 හදුන්වාදීම
   

1978 අංක 01 දරණ ටවර් හෝල් රඟහල පදනම පනත යටතේ පිහිටුවන ලද ටවර් හෝල් රඟහල පදනම ප්‍රධාන කාර්යාලය කොළඹ 07 වි‍ජේරාම මාවතේ සව්සිරිපා‍යේ පිහිටා ඇත.

 
       
    පදනමේ අරමුණු  
   

පදනමේ ඉලක්ක සහ අරමුණු පහත සඳහන් වේ. 

01 .  ජාතික නාට්‍ය කටයුතු ප්‍රවර්ධනය සහ ‍ධෛර්යමත් කිරීම

02 .  නට්‍ය භාවිතය පිළිබඳ දැනුම අවබෝධය පිළිබඳ කරුණු වර්ධනය කර ප්‍රචාරය කිරීම.

03 .  නාට්‍ය කලාකරුවන්ට සහ ශිල්පීන්ට මූල්‍යාධාර සැපයීම සහ කලාකරැවන් පුහුණු කිරීමේලා සහය වීම.

04 .  ගීත නාට්‍ය නර්තන නාට්‍ය සහ සංගීත නාට්‍ය අත්හදා බැලීම වේදිකාගත කිරීමේ යෙදීම.

 
       
   

ඉහත සඳහන් අරමුණු ඉටුකර ගැනීම සඳහා ටවර් හෝල් රඟහල ජාතික සිහිවටනයක් වශයෙන් ප්‍රතිසංස්කරණය කිරීම ආරක්ෂා කිරීම පවත්වාගෙන යාම උපයෝගි කරගැනීම ඇතුළු ටවර් හෝල් රඟහල පදනමේ භාරකාර මණ්ඩලය සුදුසු යැයි තීරණය කරන වෙනත් අරමුණු සඳහා යෙදවීම.

       
   

තවත් අරමුණු

 
   

1978 ටවරෟ හෝල් රඟහල පදනම පනත අවධාරණය කරන අරමුණු වලට අමතරව විෂයභාර ගරු ඇමතිතුමා (සංස්කෘතික කටයුතුඅමාත්‍යගේ) අනුමැතිය සමඟ අධ්‍යක්ෂ ජනරාල්ගේ මූලිකත්වයෙන් පහත සඳහන් කටයුතු කිරීමටද අදහස් කරයි.

1978 ටවරෟ හෝල් රඟහල පදනම පනත අවධාරණය කරන අරමුණු වලට අමතරව විෂයභාර ගරු ඇමතිතුමා (සංස්කෘතික කටයුතුඅමාත්‍යගේ) අනුමැතිය සමඟ අධ්‍යක්ෂ ජනරාල්ගේ මූලිකත්වයෙන් පහත සඳහන් කටයුතු කිරීමටද අදහස් කරයි.

ජාතික නාට්‍ය කටයුතු ප්‍රචාරය සහ සංවර්ධනය.

සුප්‍රසිද්ධ සහ අප්‍රකට නූර්ති ගීත ආරක්ෂා කිරීම සහ නාට්‍යවේදී රංග ආකෘති වල ගුණාත්මක බව වර්ධනය කිරීමි.

ගුණාත්මක නාට්‍ය සහ නාට්‍ය නිෂ්පාදනය සහ එවැනි ප්‍රසංග දිවයින පුරා නාගරික සහ ග්‍රාමීය සහ ‍ප්‍රේක්ෂකයින්ට පෙන්වීම සඳහා ප්‍රවීණ කලාකරුවන්ට මුදලින්  ආධාර කිරීම.

වර්තමාන සාම්ප්‍රදායික කලාකරුවන් යෙදෙන ප්‍රසාංගික කලාකරුවන්ට පදනමේ වියදමින් වෛද්‍ය පරීක්ෂන දක්ෂ වෛද්‍යවරුන් ලවා පරීක්ෂන වාරෟතා වැනි සෞඛ්‍ය සේවාවන් සුභ සාධක පහසුකම් සැලසීම.
නැගී එන ප්‍රතිභා සම්පන්න කලාකරුවන් අදාළ ක්ෂේත්‍ර වල ආචාර්යවරුන් ලවා ක්‍රමානුකුල පුහුණුවක් ලබාදීම.

නාට්‍ය සහ සංගීත අධ්‍යාපනයට සහ නිරූපනයට අවශ්‍ය ද්‍රව්‍ය සහ උපරකරණ ලබාදීම.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික පරිසරයේ පොහොසත්බව සහ විවිධත්වය සලකා බලමින් ටවර් හෝල් රඟහල පදනම ප්‍රසාංගික කලා මාධ්‍ය සම්ප්‍රදාය වර්ධනය කිරීමේ වගකීම භාරගන්නා අතර පහත සඳහන් අරමුණු වලට ඇපකැප වේ. 

දේශීය සාම්ප්‍රදායික නාට්‍ය කලාව පෝෂණය කිරීම. 

යටගිය යුගයේ කලාකරුවන්ගේ සහ ඔවුන්ගෙන් යැපෙන්නන්ගේ සුභසාධනය ගැන උනන්දුවීම. 

සාම්ප්‍රදායික නාට්‍ය ආකෘති පිළිබඳ පුරවැසියන්ගේ උනන්දුව වැඩි කිරීම.

පූර්ව විනෝදාස්වාදය ලබාගෙන සංස්කෘතික පසුබිමක් සපයමින් පුරවැසියන්ගේ ජීවිතයේ ගුණාත්මකභාවය දියුණු කිරීම.

ජනවාර්ගික සහ ආගමික සමගිය වර්ධනය කරන අතර ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංස්කෘතික කලා ආකෘතීන්ගේ භාණ්ඩාගාරයක් වීම.

ටවර් හෝල් රඟහල පදනම යටතේ ක්‍රියාත්මක වන අනුශාසක සේවාවන් සහ අනුබද්ධ ආයතන කොළඹ 07 විජේරාම මාවතේ පිහිටා ඇත.


 පරමාර්ථ
   

ශ්‍රී ලංකාවේ සංස්කෘතික පරිසරයේ පොහොසත්බව සහ විවිධත්වය සලකා බලමින් ටවර් හෝල් රඟහල පදනම ප්‍රසාංගික කලා මාධ්‍ය සම්ප්‍රදාය වර්ධනය කිරීමේ වගකීම භාරගන්නා අතර පහත සඳහන් අරමුණු වලට ඇපකැප වේ. 

දේශීය සාම්ප්‍රදායික නාට්‍ය කලාව පෝෂණය කිරීම.

යටගිය යුගයේ කලාකරුවන්ගේ සහ ඔවුන්ගෙන් යැපෙන්නන්ගේ සුභසාධනය ගැන උනන්දුවීම.

සාම්ප්‍රදායික නාට්‍ය ආකෘති පිළිබඳ පුරවැසියන්ගේ උනන්දුව වැඩි කිරීම.

පූර්ව විනෝදාස්වාදය ලබාගෙන සංස්කෘතික පසුබිමක් සපයමින් පුරවැසියන්ගේ ජීවිතයේ ගුණාත්මකභාවය දියුණු කිරීම.

ජනවාර්ගික සහ ආගමික සමගිය වර්ධනය කරන අතර ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංස්කෘතික කලා ආකෘතීන්ගේ භාණ්ඩාගාරයක් වීම.

   
ටවර් හෝල් රඟහල පදනම යටතේ ක්‍රියාත්මක වන අනුශාංගික සේවාවන් සහ අනුබද්ධ ආයතන කොළඹ 07 වි‍ජේරාම මාවතේ පිහිටා ඇත.
       
 රංඟශාලා
    ටවර් රඟහල - මරදාන
    එල්ෆින්ස්ටන් රඟහල - මරදාන
    රුක්මණිදේවී කේන්ද්‍රය - මීගමුව
       
 ක්‍රියාකාරකම්
 
ජාතික නාට්‍ය පාසල
 
 
ටවර් හෝල් කලාකරුවන්ගේ සුභසාධක අරමුදල
 
 
ප්‍රසාංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුභ සාධක අරමුදල
 
 
රංගසේවා කාර්යාංශය
 
 
ලයනල් එදිරිසිංහ මධ්‍යස්ථානය
 
 
අන්තර් පාඨශාලයීය නාට්‍ය තරගාවලිය
 
 
භාත්ඛණ්ඩ විභාගය
 
 
ටවර් හෝල් රඟහල පදනමේ පුහුණුවීම් ශාලාව
 
 
නූර්ති ගී වැඩමුළු සහ සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම.
 
 
පැරණි ගීත අඩංගු කැසට් පට සහ සංයුක්ත තැටි නිෂ්පාදනය අලෙවිය සහ බෙදා හැරීම.
 
 
කලාකරුවන්ගේ සුභසාධනය සඳහා වෙනත් විශේෂ වැඩසටහන්
 
 
පැරණි‍ කලාශිල්පීන් සඳහා නොමිලයේ වෛද්‍ය සායන පැවැත්වීම.
 
       
 
Theatre Service Bureau - Tower Theatre - Maradana
 
 ටවර් හෝල් රඟහල කමිටුව  
   

ගරු රත්නසිරි වික්‍රමනායක මහතා
අගමැති

 
   

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා
සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ ඇමති

 
   

ගරු ජනක බණ්ඩර තෙන්නකෝන් මහතා
පලාත් සභා හා පලන අමාත්‍ය

 
   

මහින්ද බන්දුසේන මහතා
අගමැති ලේකම්

 
   

ජී. එල්. ඩබ්. සමරසිංහ මහතා
ලේකම් - සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය

 
   

අරියරත්න හේවගේ මහතා
ලේකම් - අධ්‍යාපන අමාත්‍යංශය

 
   

නගරාධිපති
කොළඹ මහ නගරසභාව

 
   

ආචාර්ය ජේ. එල්. ලියනගේ මහතා
කොමසාරිස් - කොළඹ මහ නගරසභාව

 
   

ඊ. එම්. අභයරත්න මහතා
අධ්‍යක්ෂ - සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුව

 
       
    කමිටු සාමාජිකයින්  
   
ජි. ආර්. පෙරේරා මහතා - සිනමා, ටෙලිනාට්‍ය රංගන ශිල්පි සහ තිර රචක
 
   
ඩී. විජයරත්න මහතා
 
   
සුමින්ද සිරිසේන මහතා - ටෙලිනාට්‍ය සහ වේදිකා රංගන ශිල්පි
 
   
ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා - නාට්‍ය නිෂ්පාදක සහ සිනමා වේදිකා ටෙලිනාට්‍ය රංගන ශිල්පි
 
   
කේශරලාල් ගුණසේකර මහතා - පරිපාලන
 
   
ඩග්ලස් සිරිවර්ධන මහතා - තිර රචක සහ නාට්‍ය නිෂ්පාදක
අධ්‍යක්ෂ ජෙනරාල්, ටවර් හෝල් රඟහල පදනම
 
© ප්‍රකාෂණ හිමිකම 2006 ශ්‍රි ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායනය  
සැලැස්ම හා නිර්මාණය   Pooranee Inspirations.
Sinhala Fonts