මුල් පිටුව ශ්‍රී ලංකා රාජ්‍ය අන්තර්ජාල පිවිසුම English පිටු පෙල ගැස්ම
 ක්‍රියාකාරකම්  
 

ජාතික නාට්‍ය පාසල

   
 
ටවර් හෝල් කලාකරුවන්ගේ සුභසාධක අරමුදල
   
  ප්‍රාසාංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුභ සාධක අරමුදල    
  රංගසේවා කාර්යාංශය    
  ලයනල් එදිරිසිංහ මධ්‍යස්ථානය    
  අන්තර් පාඨශාලයීය නාට්‍ය තරගාවලිය    
  භාත්ඛණ්ඩ විභාගය    
  ටවර් හෝල් රඟහල පදනමේ නාට්‍ය පුහුණුවීම් ශාලා    
  නූර්ති ගී වැඩමුළු හා සම්මන්ත්‍රණ සහ නාට්‍ය වැඩමුළු පැවැත්වීම.    
  පැරණි ගීත අඩංගු කැසට් පට සහ සංයුක්ත තැටි නිෂ්පාදනය, අලෙවිය සහ බෙදා හැරීම.  
  කලාකරුවන්ගේ සුභසාධනය සඳහා වෙනත් විශේෂ වැඩසටහන්    
  පැරණි‍ කලාශිල්පීන් සඳහා නොමිලයේ වෛද්‍ය සායන පැවැත්වීම.    
         
ජාතික නාට්‍ය පාසල  
   

ශත වර්ෂ ගණනාවක් ඇදී යන දේශීය නාට්‍ය කලාව පොහොසත් සංස්කෘතියකින් බිහිවූවකි.  විවිධ සොන්දර්ය ‍ක්ෂේත්‍රයන්ගෙන් මෙන්ම, නොයෙක් විෂය ධාරාවන්ගෙන් ද උපලක්ෂිත මෙම සජීවි කලාවට, විදේශීය නාට්‍ය කලාවේ ආභාෂය නොඅඩුව ලැබී ඇත.

 
       
 

විශ්ව විද්‍යාලයෙහි උපාධි පාඨමාලා

 
   

වර්තමානයේ ඉගැ‍න්වෙන නාට්‍ය හා රංගකලාව ජාතික අධ්‍යාපන ආයතනයෙහි පශ්චාත් උපාධි පාඨමාලාවක් ලෙස පැවැත්වේ.  9 වැනි‍‍ ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සොන්දර්ය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයෙහි ඇතුළත් නාට්‍ය හා රංගකලාව අනාගතයේ දී 6 වැනි ශ්‍රේණියේ සිටම ක්‍රියාත්මක කිරීමට මේවන විටත් විෂය නිර්දේශය සැකසෙමින් පවතී.

ප්‍රථම සිංහල චිත්‍රපටය බිහි වීමට පාදක වූයේ ද නාට්‍ය කලාවයි.  ඊට පුරෝගාමී වූයේ " මිනර්වා ඇමටර් ඩ්‍රැමටික් ‘කම්පැනි" නමින් ක්‍රියාකාරී නාට්‍ය කණ්ඩායම් සාමාජිකයෝය. දේශිය නාට්‍ය කලාවෙහි ආරම්භය හා ව්‍යාපෘතිය උදෙසා ද නාට්‍ය කලාවෙහි බලපෑම ප්‍රබලව මතුව පෙනේ.   තන්හි තන්හී බිහිවන නාට්‍ය නිෂ්පාදන, වැඩමුළු, සම්මන්ත්‍රණ ආදී දෑ පිරික්සීමෙන්ද පැහැදිලි වනුයේ මෙම විෂය ධාරාව ලබා ඇති වර්ධනාත්මක තත්වයයි.

සංඛ්‍යාත්මක හා වර්ධනාත්මක ලෙස දේශීය නාට්‍ය කලාව ගොඩනැගෙමින් පැවතුනද එය ගුණාත්මක බවින් හීනය.  න්‍යායාත්මක හා ප්‍රායෝගික ලෙස නාට්‍ය කලාව ක්‍රමවත්ව හා විධිමත්ව හැදෑරීමට අවකාශ සැළසී නොතිබීම ඊට විශාල හේතුවක් වී ඇත.

මිනිස් සිත් සතන් ප්‍රබෝධ කරමින් වඩා යහපත් පුරවැසියෙකු බිහිකිරීමට නාට්‍ය කලාව මගින් සුවිශේෂී මෙහෙයක් ඉටුකළ හැකි බව,  විවිධ විෂය ඉගැන්වීමෙහිලා මෙම විෂය භාවිතා කිරීමෙන්ම මනාව පැහැදිලි වේ.

ජාතික නාට්‍ය පාසලක් හෝ ආයතනයක් පිහිටුවා එමගින් නාට්‍ය කලාව ප්‍රවර්ධනය කිරීමට ලෝකයේ බොහෝ රටවල් රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ, එමගින් මනා මානව සංවර්ධනයක් බිහි කිරීමට හැකි බැවිනි.  එය ජාතික අවශ්‍යතාවයක් මෙන්ම ජාතික වටිනාකමකි.

මෙම ජාතික අවශ්‍යතාව හදුනා ගනිමින් ටවර් හෝල් රඟහල පදනම විසින් 1997 දී නාට්‍ය පාසලක් ආරම්භ කරන ලදි.  ඉන් එක් වර්ෂ පූ්ණකාලීන නාට්‍ය කලාව පිළිබඳ ඩිප්ලෝමාවක් පැවැත්වීය.  එය 2000 දී දෙවර්ෂ පූර්ණ කාලීන උසස් ඩිප්ලෝමාවක් වූ අතර, මේ වන විට විශ්ව විද්‍යාලයීය උපාධියක් දක්වා වර්ධනය වී ඇත.

ශාස්ත්‍රීය හා ප්‍රායෝගික වශයෙන් ක්‍රමික වර්ධනයක් ලබා ඇති මෙම නාට්‍ය පාසල, ජාතික නාට්‍ය පාසල වශයෙන් වර්ධනය විය යුතුව ඇත.

 
       
 

අරමුණු හා පරමාර්ථ

 
 
දැනට ක්‍රියාත්මක වන නාට්‍ය හා රංග කලාව පිළිබඳ දෙවර්ෂ පූර්ණ කාලීන උසස් ඩිප්ලෝමාව සමත්වීමෙන් පසු ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙහි අධ්‍යාපන පීඨය මගින් මෙහෙයවන අධ්‍යාපනවේදී නාට්‍ය හා රංගකලාව උපාධියෙහි අවසන් වර්ෂ දෙක හැදෑරීමට අවකාශ සැලසීම හා එමගින් අදාළ උපාධිය හිමිවීම.
 
       
 
උපාධිය ලැබීමෙන් පසුනාට්‍ය හා රංගකලාව සම්බන්ධ ගුරු වෘත්තියට අවස්ථාව සැලසීම.
 
       
 
මෙය වර්ෂ 04 ක උපාධියක් බැවින් එය විශේෂවේදී උපාධියක් වීම.
 
       
 
පශ්චාද් උපාධි හෝ පශ්චාද් උපාධි ඩිප්ලෝමා හැදෑමේ අවස්ථා සැලසීම.
 
       
 
ක්‍රමවත් හා විධිමත් ලෙස නාට්‍ය හා රංග කලාව පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික ඥානය ලබාදීම.
 
       
 
රසාස්වාදය හා විචාර ශක්ති වර්ධනය
 
       
 
නාට්‍ය හා රංග කලාව පිළිබඳ පර්යේෂණ, සමීක්ෂණ හා ව්‍යාපෘති සකසා ඉන් දේශීය නාට්‍ය කලාවෙහි ප්‍රවර්ධනයට කටයුතු කිරීම.
 
       
 
ක්‍රමවත් අධ්‍යයනයකින් යුත් නාට්‍ය ශිල්පීන් බිහි කිරීම.
 
       
 
ශාස්ත්‍රීය හා ශිල්පීය සංවර්ධනය මගින් ප්‍රබල නාට්‍ය සංස්කෘතියක් ඇති කිරීම.
 
       
 
දිවයිනේ විවිධ පළාත්හි පිහිටි පාසල් හා කලා අයතනවල නාට්‍ය හා රංගකලාව සම්බන්ධව වැඩමුළු, සම්මන්ත්‍රණ, දේශණ, ප්‍රදර්ශන හා නාට්‍ය නිෂ්පාදන පැවැත්වීම, මෙහයවීම සහ සංවිධානය කිරීම මගින් නාට්‍ය කලාව පිළිබඳ ප්‍රබෝධයක් හා දැනුමක් ඇති කිරීම.
 
       
 
වර්තමානයේදී ද ටවර් හෝල් රඟහල පදනම විසින් ජාත්‍යන්තර රංග කලා ආයතනයෙහි ශ්‍රී ලාංකීය සාමාජිකත්වය දරන බැවින් ප්‍රයෝජනයට ගනිමින් ලෝකයේ ජාත්‍යන්තර නාට්‍ය පාසල් හා ඇකඩමි සමඟ සබඳතා ගොඩනගා ගනිමින් එමගින් ලාංකීය නාට්‍ය කලාවේ ප්‍රවර්ධනයට කටයුතු කිරීම.
 
       
 
විශ්ව විද්‍යාල උපාධි අවස්ථාව මෙන්ම, අයි.ටී.අයි. සාමාජිකත්ව අවස්ථාවද ප්‍රයෝජනයට ගනිමින් ජාත්‍යන්තර නාට්‍ය විශ්ව විද්‍යාල හා ආයතන සමග අධ්‍යාපනික හා ශිල්පීය දැනුම ගොඩනගා ගැනීම හා දියුණු කර ගැනීම.
 
       
   
ඉහළට  
 
       
© ප්‍රකාෂණ හිමිකම 2006 ශ්‍රි ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායනය  
සැලැස්ම හා නිර්මාණය  Pooranee Inspirations.
Sinhala Fonts