‘සමුද්‍රදේවී’ වේදිකා නාට්‍යය ටවර් හෝල් රඟහල පදනම විසින් නිපදවන ලද තුන්වැනි නාට්‍යය වේ. 1940 දශකයේ ප්‍රකට නාට්‍ය රචකයෙකු වූ ඩී.බී. සෙනෙවිරත්න මහතා විසින් ලියන ලද මේ නාට්‍යය නිෂ්පාදනය කිරීම භාරදෙන ලද්දේ ටවර් හෝල් යුගයේ කලාකරුවෙකු වූ ජී. එච්. ස්ටැන්ලි පෙරේරා මහතා (ස්ටැන්ලි මාස්ටර්) වෙතය. වීදිය බණ්ඩාර නම් කෝට්ටේ යුගයේ වීර කුමරෙකු සහ සමුද්‍රදේවී නම් අහිංසක සිංහල කුමරියක අතර ඇති වූ ඛේද ජනක ප්‍රේම වෘත්තාන්තය මේ නාට්‍යයෙන් ප්‍රකට විය. කෙසේ වුවද සමුද්‍රදේවී චවනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නූර්තියක් නොවේ. එහි හැඩහුරුකම සමානවන්නේ ටීටර් නැමැති නාට්‍යය ප්‍රභේදයන්ටය. "ගෝවේ ගෑණු පරාදයි" යන ජනප්‍රිය රිද්මානුකුල ගීතය මේ නාට්‍යයේ අඩංගු විය. එය පෘතුගීසි බයිලා ගායනයට නෑකම් දැක්වූවකි.
මේ නූර්ති නාට්‍ය තුනේම සංගීතය මෙහෙයවන ලද්දේ දිවයිනේ අති දක්ෂ සංගීතඥයෙකු වූ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා විසිනි. නර්තන විලාශ, චිත්‍රසේන නර්තන පාසල විසින් මෙහෙයවන ලද අතර, ඇදුම් සහ වේදිකා සැරසිලි සැලසුම් කොට නිර්මාණය කළේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකු වූ සෝමබන්දු විද්‍යාපති විසින්ය. ගරු ආර්. ප්‍රේමදාස මැතිතුමාගේ අභාවයත් සමගම 1993 දී ගරු ඩී.බී. විජේතුංග මැතිතුමා විසින් ටවර් රඟහල පදනමේ සභාපතිත්වය භාර ගන්නා ලදි. ඉන් පසුව අග්‍රමාතවරුන් වූ ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ගරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමා යන ප්‍රභුන් විසින් ටවර් හෝල් රඟහල පදනමේ සභාපතිත්වය හොබවන ලදී. මේ අතර අධ්‍යක්ෂ ජනරාල් තනතුර කේ.එච්. අබේසිංහ මහතා, දිසා වීරපාන මහතා, බෙනඩික් කුමාරගේ මහතා රංජිත් ධර්මකීර්ති මහතා, නීතීඥ ඉන්දිකා පී. චන්ද්‍රතිලක මහත්මිය සහ එන්.ඩබ්. වෙරළුපිටිය මහතා යන අය විසින් දරා ඇත. 2005 දෙසැම්බර් මස 27 දින සිට සුප්‍රකට නාට්‍යයරචක සහ නාට්‍ය අධ්‍යක්ෂ නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් වූ අතර, භාරකාර මණ්ඩලයේ සභාපතිත්වය දරන්නේ ගරු අග්‍රමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමාය. දැනට ටවර් හෝල් රඟහල පදනම ජාත්‍යන්තර නාට්‍ය ආයතනයේ ශ්‍රී ලාංකාවේ (iii) ජාතික මධ්‍යස්ථානය වශයෙන් ද කටයුතු කරනු ලබයි. |