වර්ෂ 1980 ඔක්තෝබර් මාසයේදී රුක්මණිදේවී කේන්ද්‍රය ආරම්භ කරන ලද්දේ දිවංගත රුක්මණිදේවි සිහිකරනු සඳහා එතුමිය උපන් ප්‍රදේශයේ ජනතාව විසින් කරන ලද ඉල්ලිමට ප්‍රතිචාරයක් වශයෙනි. මෙම මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ කොළඹ නගරයට කි.මී.40 කට දුරින් පිහිටි ඇගේ උපන් බිම වූ මීගමු නගරයේය.
මේ ප්‍රදේශයේ ක්‍රිස්තියානුවෝ පරම්පරා ගනණක් පුරා පාස්කු නාට්‍ය පෝෂණය කරමින් පවත්වාගන යති. එසේම මෙම මධ්‍යස්ථානය මගින් විශේෂ පාස්කු වැඩසටහන් සහ පාස්කු වැඩමුළු ආදිය සංවිධානය කරනු ලැබේ. වර්තමාන ප්‍රාසාංගික කලාකරුවන්ට ප්‍රතාපවත් ස්ථම්භයක් වෙමින් අපරිමිත මෙහෙයක් කළාවූ දිවංගත ගායිකාව සහ රංගාධාරීණිය පිළිබඳ මතකය අවදිකිරීම සදහා වාර්ෂිකව ඇය වෙනුවෙන් ස්මරණ උත්සව පවත්වනු ලැබේ. එහි ඇති කොතුකාගාරයෙහි ඇය විසින් පරිහරණය කරන ලද විවිධ ඇඳුම් පැළඳුම් සහ එහි ඇති ආභරණ, ඇය රඟපෑ චිත්‍රපට වල තෝරාගත් ඡායාරූපද ආරක්ෂා සහිතව තබා ඇත.
අපගේ මතකයේ තවමත් රැදීඇති ඇය ගැයූ ගීතවලට සවන් දීම සඳහා නවීන උපකරණ සහිත ශාලිකාවක් තුළ පහසුකම් සලසා ඇත.
සංගීතය සහ නර්තන උගන්වන ගුරුවරුන් විසින් දිනපතා සහ සති අන්ත පංති පවත්වාගෙන යනු ලැබේ. ටවර් හෝල් රඟහල පදනම අනුග්‍රහය මත මේ මධ්‍යස්ථානය විසින් මීගමුව ප්‍රදේශයේ ශිෂ්‍යයින්ට මාසිකව රු 250/-ක් වටිනා ශිෂ්‍යත්ව 50ක් ප්‍රදානය කරනු ලැබේ.
රුක්මණිදේවී කේන්ද්‍රය 500 ක් වූ පිරිසකට පිරිසකට ආසන පහසුකම් සලසයි. සාධාරණ ගාස්තු මත එය නාට්‍ය, විවිධ ප්‍රසංග, ප්‍රදර්ශන ඇතුළු වෙනත් උත්සව පැවැත්වීම සඳහාද වෙන්කරවා ගත හැක.
වේදිකා නාට්‍ය
සංගීත සංදර්ශන සහ වෙනත් වැඩසටහන ගාස්තු
ගාස්තු අයනොකරන සම්මන්ත්‍රණ සහ වෙනත් වැඩසටහන්