මුල් පිටුව ශ්‍රී ලංකා රාජ්‍ය අන්තර්ජාල පිවිසුම English පිටු පෙල ගැස්ම
 ටවර් රඟහල  
   

ටවර් හෝල් රඟහල පදනම අපේ ජාතික උරුමයකි.  අනගාරික ධර්මපාල, පියදාස සිරිසේන, කර්නල් ඕල්කට් ආදී අපේ ජාතික අභිවෘධියේ පුරෝගාමීන් ලෙස සැලකෙන ප්‍රමුඛ පෙළේ ජාතික නායකයෝ මෙම ඓතිහාසික රඟහල සිය සංවර්ධන කටයුතු සඳහා යොදා ගත්හ. 

අශ්ව ඉස්තාලයක් වශයෙන් පැවතුණ මේ ස්ථානය 1911 දී සංවර්ධනය කරනු ලැබ ටවර්හෝල් නමින් ප්‍රථම ස්ථාවර රංග ශාලාව බවට පත් විය.  ශ්‍රීලංකාවේ නාට්‍ය සංස්කෘතියක් බිහි කිරීමට පුරෝගාමී වූ ටවර් රඟහල වර්තමානයේ නාට්‍ය සහ සංගීතමය ප්‍රසංගවලට විශාල රැකුලක් වූ අතර, සිය දහස් ගණන් ජනතාවගේ ප්‍රශංසාවට ලක්වී තිබේ.  වර්ෂ 1978 අංක 01 දරන ටවර් හෝල් රඟහල පදනම පනත යටතේ දිවංගත ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා මෙම රඟහල පදනමක් බවට පත් කළේය.


 
   

මේ සමඟ ටවර් රඟහල නවීකරණය කර නවීන විදුලි උපකරණ සවිකරන ලදි.

කොළඹ 10, මරදාන, පංචිකාවත්ත පාරේ පිහිටි ටවර රඟහල ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ කලාකාමීන්ගේ විභූතිමත් සිහිවටනයක් විය.

එහි ඇති ඔරලෝසු කණුව මෙම රඟහලේ කීර්තිය විහිදුවයි. මෙම ප්‍රමුඛ රඟහල දශක ගණනක් තිස්සේ සමාජ සහ සංස්කෘතික ප්‍රශ්න වලට දෝලනය වෙමින් පැවතින. යු‍රෝපීය සංස්කෘතියේ ආගමනයත් සමග එය විශාල තීරණාත්මක වෙනසකට මුහුණ දුන්නේය.

මෙම මුළු ගොඩනැගිල්ල රුපියල් මිලියන 32 ක වියදමින්, එහෙත් එහි ‍ඓතිහාසික ලක්ෂණ ආරක්ෂා කරගනිමින් නවීකරණයට භාජනය කරන ලදි. එය උත්සවාකාරයෙන් නැවත විවෘත කරන ලද්දේ වර්ෂ 2000 අගෝස්තු 16 වන දිනය. මෙම ප්‍රතිසංස්කරණයත් සමඟ ආසන සංඛ්‍යාව 856 දක්වා වැඩි කර ඇත.

එහි කළමනාකරණ මණ්ඩලය ප්‍රේක්ෂකයන්ට සහ මහජනයාට පහත සඳහන් පහසුකම් සලසයි.

ආපන ශාලාව මගින් ආහාරපාන සපයයි. හොදින් පවත්වාගෙන යනු ලබන කෙතුකාගාරයෙන් ටවර් හෝල් යුගයේ ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඇඳුම් පැලඳුම් සහ පුරාණ නාට්‍යවල පිටපත් දැකබලා ගැනීමට ද දුලභ අවස්ථාවක් සලසයි.

නාට්‍ය සහ අනෙකුත් ප්‍රාසාංග සඳහා ඇඳුම් පැළඳුම් කුලියට දෙනු ලබයි. තවද නවීන විදුලි ආලෝකය සහ ශබ්ද උපකරණ පද්ධතිය සමඟ විශාල වේදිකාවක පහසුකම් ද මෙම රඟහල මගින් සැපයේ.

 

 
    ටවර් හෝල් රඟහල,
පංචිකාවත්ත පාර,
මරදාන,
කොළඹ 10,
ශ්‍රි ලංකාව.

 

 
    විමසීම් : කළමණාකරු
දුරකථන අංකය : 0094-011-2431878                

 

 
    විද්‍යුත් තැපෑල : towersl@sltnet.lk   
 
         
  ටවර් රඟහල වෙන්කිරීමේ ගාස්තු
   
 
විස්තරය
සතියේ දින සති අන්ත දින

පෙරවරු

9.00-12.00

පස්වරු

13.00-21.00

පෙරවරු

9.00-12.00

පස්වරු

13.00-21.00
 01. නාට්‍ය, චිත්‍රපට,මුදල් අය නොකරන පාසැල් වැඩසටහන් සහ ශාස්ත්‍රීය සංගීත ප්‍රසංග හා අනෙකුත් විවිධ දර්ශන රු.6,600.00 රු.12,000.00 රු.6,600.00 රු.15,000.00
   ආපසු ‍‍ගෙවිමේ තැන්පතුව රු.2,000.00 රු.2,000.00 රු.2,000.00 රු.2,000.00
 02. සංගීත ප්‍රසංග සහ ගීතමය නැටුම් ප්‍රසංග රු.12,000.00 රු.30,000.00 රු.15,000.00 රු.40,000.00
   ආපසු ‍‍ගෙවිමේ තැන්පතුව රු.5,000.00 රු.5,000.00 රු.5,000.00 රු.5,000.00
 03. නාට්‍ය පුහුණ (රංගාලෝකය රහිත)-පස්වරු

(පස්වරුවේ වේලාවන් වෙන්කර ගත හැක්කේ නියමිත දිනට සතියකට කලින් පමණි)
පස්වරු  1.00-5.00
          5.00-9.00
රු.1,500.00 රු.500.00 පැයකට
රු.750.00 පැයකට
රු.1,500.00 රු.500.00 පැයකට
රු.750.00 පැයකට
 04. නාට්‍ය පුහුණුව (රංගාලෝකය සහිත)-පස්වරු

(පස්වරුවේ වේලාවන් වෙන්කර ගත හැක්කේ නියමිත දිනට සතියකට කලින් පමණි)
පස්වරු  1.00-5.00
           5.00-9.00
රු.6,600.00 රු.6,600.00
රු.6,900.00
රු.6,600.00 රු.6,600.00
රු.6,900.00
   මුදල් අයකරන සම්මන්ත්‍රණ
 ආපසු ‍‍ගෙවිමේ තැන්පතුව
රු.9,000.00
රු.3,500.00
රු.12,000.00
රු.3,500.00
රු.12,000.00
රු.3,500.00
රු.15,000.00
රු.3,500.00

2006 අ‌ගෝස්තු මස 22 වැනි දින සිට

© ප්‍රකාෂණ හිමිකම 2006 ශ්‍රි ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායනය  
සැලැස්ම හා නිර්මාණය  Pooranee Inspirations.
Sinhala Fonts