
රංගනය පිළිබඳ (NVQ 4) සහතිකපත්‍ර පාඨමාලාව 2025 වර්ෂය දෙවන කණ්ඩායම සඳහා නවක සිසුන් බඳවා ගැනීම දැන් ඇරඹුණා.
ජාත්‍යන්තර රංගකලා ආයතනයේ (ITI) නිත්‍ය නියෝජිත ටවර් හෝල් රඟහල පදනම මගින් පවත්වනු ලබන රංගනය පිළිබඳ (NVQ 4) සහතිකපත්‍ර පාඨමාලාව 2025 වර්ෂය දෙවන කණ්ඩායම සඳහා නවක සිසුන් බඳවා ගනු ලැබේ. අයදුම්පත්‍රය සහ බදවා ගැනීමේ නිවේදනය ලබා ගැනීමට Download තුලට පිවිසෙන්න.

2024 භාත්ඛණ්ඩ විභාගයේ සංගීත හා නැටුම් විභාගය සඳහා අයදුම්පත් දැන් නිකුත් කෙරේ.
2025 භාත්ඛණ්ඩ විභාගයේ සංගීත හා නැටුම් විභාගය සඳහා අයදුම්පත් දැන් නිකුත් කෙරේ. අයදුම්පත් භාර ගැනීම 2025 අගෝස්තු මස 04 වන දින ප.ව 3.00ට අවසන් කිරීමට නියමිතය. ප්‍රවේශිකා අයදුම්පත් භාර ගැනීම නොවැම්බර් 28 වන දින ප.ව 3.00 ට අවසන් කිරීමට නියමිතය. වැඩි විස්තර සඳහා දුරකථන අංක 0112682324/0112682134 ඇමතීමෙන් ලබා ගත හැක.

නාට්‍ය හා රංග කලා පාසලේ සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත්‍ර යොමු කිරීමේ අවසන් දිනය 2025.06.13 දක්වා දින දීර්ඝ කෙරේ.
ටවර් හෝල් රඟහල පදනමේ නාට්‍ය හා රංගකලා දෙවර්ෂ පූර්ණකාලීන ඩිප්ලෝමා පාඨමාලාවේ අධ්‍යයන වර්ෂ 2025/26 සඳහා නවක සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත් බාර ගැනීමේ අවසාන දිනය මෙවර අ.පො.ස(උ.පෙළ) විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ සිසුන් බහුතරයකගේ ඉල්ලීම මත 2025 ජූනි මස 13 දින දක්වා දිර්ඝ කරන ලදිී. විභාග නිවේදනයට අදාළ විස්තර හා ගුගල් පෝරමය www.towerhall.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

ශබ්ද උපකරණ කුළියට ලබා ගැනීම සඳහා මිළ ගණන් කැඳවිම.
ටවර් හෝල් රඟහල පදනම මඟින් සංවිධානය කරන ටවර් රංගයාත්‍රා රසවින්දන වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් ස්ථාන 08 කදි 2025 වර්ෂය තුළ පැවැත්විමට කටයුතු යොදා ඇත. එහි පළමු රංගයාත්‍රා වැඩසටහන 2025.05.29 දින කැගලු බාලිකා විද්‍යාලයේදී පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත.